අයහපත් කාලගුණයෙන් ධීවරයින්ට දැඩි බලපෑම්


අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට මුහුදු යාත්‍රා 5 සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බවටයි වාර්තා වෙන්නෙ. යාත්‍රා 20 ක් පමණ ඉන්දියාව සහ මාලදිවයින මුහුදු සීමා වලට පාවී ගොස් තිබෙනවා. ධීවර අමාත්යාංශය පවසන්නේ ඉන්දියන් සහ මාලදිවයින වෙරළ ආරක්ෂක සේවා සමග අඛණ්ඩව සන්නිවේදන සබදතා කරගෙන යන බවයි.

අන්දමන දූපත් ප්රදේශයේ පැවති වායුගෝලයේ කැළඹීම මේ වන බෙංගාල බොක්කෙ ගිණිකොණ දෙසින්  පවතිනවා.
ලංකාවෙ සිට 1100 Km දුරින් පවතින මෙම කැළඹීම අවපීඩන තත්වයක් වීමට බොහෝදුරට ඉඩ ඇති බවටයි කාලගුණ මධ්‍යස්ථානය පවසන්නේ. මෙම තත්වය ලංකාවෙ උතුරු ප්රදේශ වලට බලපෑම් ඇතිකිරීමට ඉඩ වැඩි බවයි ඕස්ට්‍රේලියානු විශ්වවිද්යාලයක ආචාර්ය වරයකු වන ලාංකික සාගර විද්‍යාඥයෙකු මාධ්‍ය වෙත තම අදහස් දක්වමින් පැවසුවේ. උතුරු,නැගෙනහිර,උතුරු මැද, ඌව ප්රදේශවලට 50Kmph සුළං තත්වයක් සහ වර්ෂාපතනයක්  ඉදිරි දින කිහිපයදි පැවතිය හැක. මෙම තත්වය 8වෙනිදා දක්වා ලංකාවට බලපෑම් ඇතිකිරීමට ඉඩ ඇති බවටයි සැලකෙන්නේ.

ඉදිරි දින කිහිපය තුලදී මුහුදු යාමෙන් වැලකී සිටීම වඩා යෝග්‍ය බවටත් කාලගුණ මධ්‍යස්ථානය  පවසනවා.

මේවනවිට අයහපත් කාලගුණය හේතුවෙන් ඩෙංගු රෝගය සහ බෝවන රෝග ව්‍යාප්ත වීමට වැඩි ඉඩකඩක් පවතින නිසා ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙසයි රජය මහජනතාවට දැනුම් දෙන්නේ.


2017.12.05
Share on Google Plus

About Idea Spot

    Blogger Comment
    Facebook Comment

0 comments: