Russia ලංකාවෙ තේ තහනම් කලේ මේ නිසාද

Russia ලංකාවේ තේ අපනයනය තහනම් කල හේතුව ඇත්තටම කුරුමිණියකු සිටි නිසාද..??? ඇතෙම් අය පැවැසුවේ මෙය දේශපාලන සංසිද්ධයක් බවයි. දෙපාර්තමේන්තුවේ බලධාරීන් පැවසුවේ එහෙම කුරුමිණියකු ලංකාවෙ තේ වගාවන් ආශිතව නොමැති බවයි.

ඔබට මතක ඇති මීට අවුරුද්දකට කලින් ඇස්බැස්ටස් නිෂ්පාදන ලංකාවෙ සීමා කිරීමට කටයුතු කල ආකාරය. එහිදී පැවසුවේ ඇස්බැස්ටස් මිනිසාට හානිකර බවයි. 2020 වන විට සම්පූර්ණයෙන් ම මෙය භාවිත නොකරන බවත් එදා පැවසුවා.

නමුත් දැන් රජය පවසන්නේ ඇස්බැස්ටස් හිතකර බවයි. අපිට වාර්තා වන ආකාරයට මෙම ඇස්බැස්ටස් ගෙන්වන්නේ Russia වලින්. මෙය ලංකාවෙ තහනම් කිරීම Russia වට ලොකු පාඩුවක්. ඉතිං ලංකාව ඇස්බැස්ටස් සීමාකිරීම හා Russia  තේ ඇතුළු වැවිලි නිෂ්පාදන තහනම අතර සම්බන්ධයක් පවතින බවටයි පැවසෙන්නේ.



Share on Google Plus

About Idea Spot

    Blogger Comment
    Facebook Comment

0 comments: