2018 රාජ්‍යය සංගීත සම්මාන උළෙල


වසර දෙකකට වරක් පවත්වන රාජ්‍යය සංගීත සම්මාන උළෙල මෙවරත් පැවත්වීමට සියලු කටයුතු සම්පාදනය කරලා තියෙනවනේ. ඉතින් ඒකටත් 2018 මාර්තු 15 වෙනකල් අයදුම් පත් භාර ගන්නවනේ.
2016 ජනවාරි 01 දින සිට 2017 දෙසැම්බර් 31 දක්වා වසර දෙකක් පුරාවට ගීත නිර්මාණයට දායක වුණු ඕනෑම අයෙකුට තම නිර්මාණ ඒ සඳහා ඉදිරිපත් කරන්න පුළුවන් බවත් හැමෝම දන්නවනේ.
ඉතින් ඒ ගීත නිර්මාණ සම්බන්ධයෙන් තරග ඉසව් තුනක්ම තියන බවත් දන්නවනේ.
ප්‍රශස්ථ ගේයපද නිර්මාණය, ප්‍රශස්ථ සන්ගීතය හා තනු නිර්මාණය සහ ප්‍රශස්ථ ගායනය ඒ තරග ඉසව් තුනනේ.
වඩාත්ම සරලව කිව්වොත් කවි ලියන අපේ සහුර්දයන්ට මේ තරග ඉසව් තුනෙන් වැදගත් වන්නේ ගේයපද රචනා තරග ඉසව්වනේ.
ඉතින් මම මේ කියන්න යන්නේ නොදන්නාකම නිසා නොව නොසැලකිලිමත් කම නිසා අපේ ගේයපද රචක රචිකාවන් අතින් සිදුවන අතපසු වීමක් ගැන කියන්නයි.
ඔය කියන කාල පරිච්චේදය තුල අපේ රචක රචිකාවන් කොපමණ ගීත සන්ක්යාවකට දායකත්වය ලබා දුන්නත් තරගය සඳහා ඉදිරිපත් කල හැක්කේ ගීත තුනක් පමණි.
ඉතින් අපේ අය මොකද කරන්නේ? හොඳම ගීත තුනක් තෝරාගෙන , ඒ ගීත තුනේ ගෙය පද තුන ප්‍රශස්ථ ගේයපද තරග ඉසව්වට පමණක් ඉදිරිපත් කිරීමයි.
CD තුනක් පමණක් ඒ සඳහා ඉදිරිපත් කිරීමයි.
නමුත් තම ගේයපද දායකත්වය දුන් තවත් ගීත තුනක් ප්‍රශස්ථ ගායන තරග ඉසව්ව සඳහාත් , තවත් ගීත තුනක් හෝ එම ගීත තුනම ප්‍රශස්ථ සංගීතය හා තනු නිර්මාණ තරග ඉසව්ව සඳහා ත් ඉදිරිපත් කිරීමට හැකියාව තිබියදී එසේ කිරීමට උත්සුක නොවීම තමයි මට අවධාරණය කිරීමට අවශ්‍යය වුයේ.
එකම එක ගීතයකට පමණක් හෝ ගෙය පදයෙන් දායකත්වය සැපයු අයටත් මෙය අදාළ කර ගත හැකිය.

සටහන- සිසිර ගමගේ




Share on Google Plus

About Idea Spot

    Blogger Comment
    Facebook Comment

0 comments: