කිලිනොච්චියේ වලෙයිප්පාඩු ගම


කිලිනොච්චිය කිට්ටුව තියෙනවා එක්තරා ධීවර ගම්මානයක්..වලෙයිප්පාඩු කියල.ටිකක් දුෂ්කරයි.සම්පූර්ණයෙන්ම වගේ ඉන්නේ දමිළ ජනතාව.සියලු දෙනාම ක්‍රිස්තු භක්තිකයන්.මේ ගම්මානය තුල එක්තරා විශේෂත්වයක් තියෙනවා.ඒ තමයි අපි සාමාන්‍යයෙන් දමිළ ගමක දකින හිංදු සංස්කෘතික පසුබිමට අමතරව මෙහි තරමක ලංසි එහෙම නැතිනම් ලංදේසි ආභාශයක් දැකගන්නට හැකි වීම.විශේෂයෙන් පාපන්දු ක්‍රීඩාව ගැන ඔවුන් තුල තිබෙන ඇල්ම මීට කදිම නිදසුනක්.....ජාතිවාදි අරගලයෙන් සෑහෙන්න බැට කාපු මේ ගම්මානය තවමත් සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් වෙලා නැහැ.ඒ නිසාම තවමත් මේ ගමේ මූලික ආදායම් මාර්ගය ධීවර ක්ෂේත්‍රය හා බැදී පවතිනව..නමුත් හේලීස් සමාගමේ මූලිකත්වයෙන් දැන් ඔවුන්ට නව ජල ජීවී (Aquaculture -seaweed) වගා ක්‍රම හදුන්වා දෙමින් පවතිනව....ඔය කෙටි හැදින්වීම පැත්තකින් කියල කතාවට බහිමුකෝ..දේශපාලනය කියන මාතෘකාව දකුණ වගේම උතුරත් එක විදියට උණුසුම් වෙනවා.මම මේ කියන ගමේ 1500ක පමණ ජනතාවක් ජීවත් වෙනවා...සාමාන්‍යයෙන් අපේ බහුතර සිංහල ජනතාවගේ මතයක් තියෙනවනේ උතුරු නැගෙනහිර කිව්වොත් ඔක්කොම "LTTE සපෝට්" කියල...විශ්වාස කරන්න මම මේ කියන ගමේ 900කට ආසන්න පිරිසක් සහය දක්වන්නේ සිංහල ජන නායකයෙක්ට..300ක වගේ පිරිසක් තමයි ප්‍රධාන දමිළ පක්ෂයට සහය දක්වන්නේ (මෙතනදි මම දේශපාලන පක්ෂ වල හෝ නායකයන්ගේ නම් ගම් සදහන් කරන්නේ නෑ මොකද සමහරු පාට කණ්ණාඩි දාගන්න පුළුවන් නිසා)..ඒකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ ඔවුන් දිගින් දිගටම යුද්ධයෙන් බැට කාපු නිසා තවදුරටත් ජාතිවාදි අරගල වලට සහය පල කිරීමට තිබෙන අකමැත්තයි.ඒ වගේමයි ලාංකිකයන් ලෙස සංවර්ධනයේ ප්‍රථිලාභ බුක්ති විදීමට ඔවුන් තුල දැඩි ඇල්මක් තියෙනවා..................මේ විස්තරය කියෙව්වනම් ඔබට අවබෝධ වෙන්න ඇති සිංහල වේවා දමිළ වේවා අපි කව්රුත් යුද්ධයට විරුද්ධයි කියන කාරණාව.මොකද වෙඩි උණ්ඩයට ජාතියක් ආගමක් අදාල නෑ...ජාතිය වෙනුවෙන් මිනී මරනවනම් එතන තියෙන්නේ ත්‍රස්වාදය.රට වෙනුවෙන් සටන් කරනවනම් ඒක දේශප්‍රේමය .සිංහල වේවා දමිළ වේවා මුස්ලිම් වේවා ඔය හැමෝම රට ගැන හිතනවනම් මේ රටත් මීට වඩා ලස්සණ වෙයි.කරුමේ කියන්නේ ඒ ලස්සණ පාට කණ්ණාඩි දාාල නම් ඔබට කවදාාවත් බලන්න වෙන්නේ නෑ.
--------------------------👉දෙමළ උන පලියට හැම එකාම කොටිත් නෙමෙයි...සිංහල උන පලියට හැම එකාම දේශප්‍රේමියොත් නෙමෙයි👈---------------------------------
============================================
(මේ ලිපිය ලිවීමට විස්තර ලබාදුන් මා මිත්‍ර ඉදර්ශන්  සොයුරාට මාගේ ප්‍රණාමය ❤️ )

ලිවීම- Kaushalya Jayasena


Photo credits- Idarshan muththiah siwasamy
Share on Google Plus

About Idea Spot

    Blogger Comment
    Facebook Comment