2018 රාජ්‍යය සාහිත්‍ය සම්මාන උළෙල සඳහා සාහිත්‍යය කෘතීන් භාර ගැනීම ඇරබේ.




සියලුම ආධුනික/ප්‍රවීණ ලේඛක ලේඛිකාවන් වෙත කෙරෙන මතක් කිරීමයි.
--------------------------------------------------------------------------
2018 රාජ්‍යය සාහිත්‍ය සම්මාන උළෙල සඳහා සාහිත්‍යය කෘතීන් භාර ගැනීම 2018 ජනවාරි මස 15 වැනිදා, සඳුදා සිට භාර ගැනීම ආරම්භ කරන බව දැනුම් දුනි.
එම කෘතීන් බත්තරමුල්ල, සෙත්සිරිපායේ , 8 වැනි මහලේ පිහිටි සංස්කෘතික දෙපාර්තුමේන්තුවේ රාජ්‍ය සාහිත්‍යය අනුමණ්ඩලය වෙත භාර දිය යුතුය.
සෑම කෘතියකම පිටපත් දෙකක් එම එම අංශයේ ඇති ආකෘති පත්‍රය පුරවා ඒ සමග භාර දිය යුතුය. භාරගත් බවට එම ආකෘති පත්‍රයේ පිටපතක් ඔබ වෙත ලැබෙනු ඇත.
2017 ජනවාරි මස 01 වැනි දින සිට 2017 දෙසැම්බර් මස 31 වැනිදින අතර කාලය තුල මුද්‍රිත කෘතීන් පමණක් මේ සඳහා වලංගු වේ.
කාව්‍යය, ගේය පද, කෙටිකතා, නවකතා , පරිවර්තන ආදී වශයෙන් ඕනෑම විෂයක් අරබයා සිංහල, දෙමල, ඉංග්‍රීසි භාෂා වලින් රචිත කෘතීන් භාර ගැනේ.තමන් විසින් ඉදිරි පත් කරනු ලබන කෘතිය කිනම් වර්ගීකරණය යටතට ගන්නේද යන්න සාහිත්‍යය අනුමණ්ඩලය විසින් තීරණය කෙරනු ඇත.
දුර බැහැර පලාත්වල අයට මෙහි පහත දැක්වෙන ලිපිනයට ලියාපදිංචි තැපැල් මගින්ද යොමු කල හැකිය. ඒවා ලැබුණු බවට ලිපියක් ඔවුන්ගෙන් ලැබෙනු ඇත.
පැමිණ භාර දීම සඳහා කෘතියේ නිර්මාණ කරුම පැම්ණීමට අවශ්‍යය නොවේ. එක අයෙකුට කීප දෙනෙකුගේ කෘතීන් භාරදිය හැකිවේ.

වැඩිදුර තොරතුරු ලබා ගැනීමට අවශ්‍යය නම් රාජ්‍යය සාහිත්‍ය අනුමණ්ඩලයේ 0112 872 030 දුර කථනයට ඇමතුමක් දෙන්න.

ලිපිනය.

සංවිධායක,
රාජ්‍ය සාහිත්‍ය සම්මාන උපදේශන මණ්ඩලය,
සංස්කෘතික කටයුතු පිළිබඳ දෙපාර්තුමේන්තුව,
අටවැනි මහල,
සෙත්සිරිපය,

ලිපිය- සිසිර ගමගේ



Share on Google Plus

About Idea Spot

    Blogger Comment
    Facebook Comment

0 comments: