ඒන්ජල් මසුන් අභිජනනය- Ptreophytlum scalare



ඒන්ජල් මසුන් අභිජනනය- Ptreophytlum scalare


මෙම සත්වයාගේ නිජබිම දකුණු ඇමරිකාව ලෙස හදුනාගෙන ඇත.වැඩුණු ඒන්ජල් මත්ස්‍යයකු දිග 10cm වලට වඩා වැඩිය.මොවුන්ගේ දේහයේ දික් අතට වැටුණු රේඛාවක් පවතින අතර ඒවා බොහෝ විට කලු පැහැතියි. එමෙන්ම දේහය මත රිදී පාට සලකුණුද දක්නට ලැබේ.මෙම මත්ස්‍යයන් මාස 5-6 කදී ලිංගිකව පරිණත වේ.

පිරිමි මත්ස්‍යාගේ ලක්ෂණ


වැඩුණු පිරිමි මත්ස්‍යාගේ ශරීරය සමමිතික බවක් දක්වයි.ගැහැණු මත්ස්‍යාට වඩා පලලින් අඩුය.හොදින් වැඩුණු පිරිමි මත්ස්‍යාගේ හිස මත කුඩා ගැටිත්තක් දැකිය හැක.ශරීරය ගැහැණු මත්ස්‍යාට වඩා විශාලය.

ගැහැණු මත්ස්‍යාගේ ලක්ෂණ


ගැහැණු මත්ස්‍යයා ප්‍රජනන අවධියේදී පිරිමි මත්ස්‍යාට වඩා පලලින් වැඩිය.දේහයේ දාර මොට ස්වභාවයක් ගනී.ලය වරල් ආරම්භ වන කොටසේ සිට හිස දෙසින් බැලූවිට දේහයෙහි ඝනකම ක්‍රමයෙන් වැඩිවන බවක් පෙනේ.ලිංගික පරිණත අවධියේදී උදරය සාපේක්ෂව විශාලය.පිරිමි මත්ස්‍යාගේ ශරීරයට වඩා ප්‍රමාණයෙන් කුඩාය.


අභිජනනය කිරීම


ලිංගිකව පරිණත මසුන් සිටිනා ටැංකියකදී මෙම මසුන් අභිජනනය වීමට ආසන්න වන විට යුගල වීමට පටන් ගනී.

අභිජනනය කිරීම සදහා 60cm,30cm,30cm ප්‍රමාණයේ ටැංකි යොදාගත හැක.

මෙම ටැංකිය සදහා ජලය යොදා ඉන් පසුව ප්ලාස්ටික් කැබැල්ලක් අංශක 45 ක කෝණයකට සිටින සේ ටැංකියේ පැත්තක තැබීම කළ යුතුය.

මෙම ප්ලාස්ටික් කැබැල්ල උපස්ථරයක් ලෙස යොදා ගනිමින් ගැහැණු ඒන්ජල් මත්ස්‍යා විසින් එහි බිත්තර ඇලවීම සිදු කරයි.

අභිජනනය සදහා යොදා ගන්නා ඒන්ජල් මසුන්ගේ ගැහැණු හා පිරිමි අතර අනුපාතය 1:1 වේ.

බිත්තර දැමීමට ආසන්නව සිටින ඕනෑම ඒන්ජල් මත්ස්‍යයකුගේ උදරය යට පිහිටි ගුද මාර්ගය අසලින් ප්‍රජනක මාර්ගයේ කුඩා ටියුබයක් වැනි ව්‍යුහයක් එලියට විහිදේ. මෙම ටියුබ් ආකාර ව්‍යුහය පිරිමි මත්ස්‍යාගේ සාපේක්ෂව කුඩාය. ගැහැණු මත්ස්‍යාගේ මෙම ව්‍යුහය කෙටි මහත් ආකාරයක් ගනී.  

අභිජනන ටැංකියේදී මුලින්ම ගැහැණු මත්ස්‍යයා ප්ලාස්ටික් පෘෂ්ඨය මතුපිට බිත්තර ඇලවීම කරගෙන යන අතර, පිරිමි මත්ස්‍යයා විසින් එම බිත්තර මත ශුක්‍රාණු හෙලීම සිදුකරයි. මෙම ක්‍රියාවලිය පැය 1, 1.5 කාලයක් පුරාවට සිදු වේ.

මවු මසුන් විසින් මාරුවෙන්-මාරුවට බිත්තර දැමූ පෘෂ්ඨය මතුපිටින් ගමන් කරමින්, වරල් චලනය කරමින් අවශ්‍ය වාතය ලබාදෙමින් බිත්තර රැකබලා ගනී.

බිත්තර මතට කිසියම් අපද්‍රව්‍යයක් වැටුනහොත් මවු මසුන් බිත්තර මුවින් රැගෙන,පිරිසිදු කර, නැවත මුල් ස්ථානය තුළම තැන්පත් කෙරේ. මෙම ක්‍රියාවලිය බිත්තර පිපිරී, පැටව් බිහිවන තෙක්ම සිදු කරනු ලබයි.

අවශ්‍ය නම් බිත්තර, මවු සතුන්ගෙන් ආරක්ෂාකාරීව ඉවත්කර, වාතනය කරන ලද තත්වයන් යටතේ පැටවුන් ලබාගත හැක.

බිත්තර වලට පැය 48-72 ක් ගත වූ පසු පැටවුන් බිහි වීම සිදු වේ. තවත් දින කිහිපයකින් පසුව නිදහසේ පිහිනන කුඩා පැටවුන් ඔබ මොබ යන ආකාරය නිරීක්ෂණය කල හැකිය.
බිත්තර මත රෝග කාරක වර්ධනය වැළැක්වීමට ජලයට මෙතලින් බ්ලු බිංදු කිහිපයක් දැමිය යුතුය.

පෝෂණය කිරීම


මුල් දින කීපයේ කුඩා පැටවුන් සදහා හොදින් තම්බන ලද බිත්තර කහමදය, පිරිසිදු රෙදි කෑල්ලක් තුළින් ජලයට මිරිකීමෙන් පෝෂණය කළ හැක. මීට අමතරව ආටීමියාද සජීවී ආහාරයක් ලෙස ලබාදීම සිදුකරයි.

මුල් දින 28-35 දක්වා ආටීමියා දිනකට 3-5 වරක් ලබා දීමෙන් පැටවුන්ගේ වර්ධනය වේගවත් වේ.

පැටවුන්ට දින 25-35 ක් පසුව තුලිත ආහාර සලාකයක් ලබාදීම කළ යුතුය.

මත්ස්‍ය ටැංකි වල ජල කළමනාකරණය

සති 2-3 කට පසුව ටැංකිවල ජලය මාරුකර, පිරිසිදු ජලය ලබාදීම වැදගත්ය.මීට අමතරව මත්ස්‍ය ටැංකි වාතනය කිරීම කළ යුතු අතර, ඉන් පැටවුන්ගේ වර්ධනය සීඝ්‍ර වේ.ජලය ඉක්මනට අපිරිසිදු වන්නේ නම්, කෙටි දින ගණනකින් ජලය මාරු කල යුතුය.

අලෙවි කිරීම


සුදුසු තත්වයට වර්ධනය වීමෙන් පසුව අලෙවි කළ හැක.

Share on Google Plus

About Idea Spot

    Blogger Comment
    Facebook Comment

0 comments: