මුහුදෙ පීනන එක, අපි ඇලක,ගංගාවක පීනන එකට වඩා ලේසි වෙන්නේ මේ නිසයි.

ගංගා ජලයට වඩා මුහුදු  ජලයේ ලවණ දියවෙලා තියෙනවා කියලා ඔයාලා දන්නවනේ. මේ ලුණු නිසා මුහුදු ජලයේ ඝනත්වය වැඩි වෙනවා.  මේ නිසා අපි ගිලෙන ප්‍රමාණය අඩු වෙනවා. රතු මුහුද ගැන ඔයාලා අහල ඇති නේද. මිනිස්සු පාවිවී පත්තරත් බලනවා. ඒ එම මුහුදු ජලයේ ඝනත්වය ගොඩක් වැඩි නිසා. එහෙම වෙන්නේ ලවණ සාන්ද්‍රණය වැඩි නිසා.

කෙසේ වෙතත් මේ නිසා අපිට වැඩි ආයාසයකින් තොරව පීනන්න පුලුවන්.
එහෙමයි කියලා හැම මුහුදෙම පීනන්න එපා. තංගල්ලෙ තියෙනවා මරු තැනක්. කට්ටිය කතරගම එහෙම ඒ පැත්තෙන් යනවනම් තංගල්ලේ පරෙවි වැල්ලෙන් නාලම යන්න. නොගැඹුරු මුහුදක් තියෙන්නේ. එහායින් Reef එකක් ස්වභාවිකව පිහිටල තියෙන නිසා බයක් නෑ. නාවික හමුදා කදවුරක් එහායින් තියෙනවා. Life savaing කට්ටියත් බලන් ඉන්නේ.
දේශීය සංචාරකයො සහ විදේශීය සංචාරකයො මෙහි බහුලව දකින්න පුළුවන්.

තංගල්ල Town එකේ ඉදලා මුහුදු මාවත දිගේ ටික දුරක් ගියාම හම්බෙනවා. එහෙම නැත්තන් තංගල්ල Hospital එක ලගින් යන්නත් පුලුවන්. Tangalle  Girls school එක ලගිනුත් පුලුවන්.




Share on Google Plus

About Idea Spot

    Blogger Comment
    Facebook Comment

0 comments: