බෙල්ලාට මරණය ගෙන එන, මිනිසාට වාසනාව ගෙන එන මුතු ඇටය හැදෙන්නෙ මේමයි



මුහුද වාසභූමිය කොට ගත් මුතු බෙල්ලාගේ කුස තුළ මුතු ඇටය නිර්මාණය වන්නේ බෙල්ලාට මහත් වේදනා ගෙන දෙමිනි. කිසියම් හේතුවකින් බෙල්ලාගේ කුස තුළට පිවිසුන වැලිඇටය, බෙල්ලාගේ මස් අතර කැවෙමින් රිදුම් දෙමින් මහත් වේදනා දනවයි. එම වේදනාවෙන්් මිදීමට බෙල්ලා තම සිරුරේ ඇති කැල්සියම් කාබනේට් මිශ‍්‍රිත රිදී පැහැති ශ‍්‍රාවයක් වැලි කැටය වටා ගල්වයි. ඉතා දිගු කලක් තිස්සේ බැඳෙන මෙම ශ‍්‍රාවය කෙමෙන් ඝණ වී බෝලයක හැඩයෙන් නිර්මාණය වේ. අප මුතුඇටය යනුවෙන් හඳුන්වන්නේ එයයි.



Share on Google Plus

About Idea Spot

    Blogger Comment
    Facebook Comment

0 comments: