වන අලියෙක් මරුවොත් දිවි ඇති තෙක් සිරදඬුවමක්


සෑම වසරකම වන අලි 240ක් පමණ අලි – මිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස මරණයට පත් වෙති. මේ අතර පසුගිය කාලසීමාව තුළ වනජීවී රක්ෂිත තුළදීම දළ ඇතුන් මරා දමන ලද අවස්ථා කිහිපයක් වාර්තා විය.
මෙවැනි තත්ත්වයක් නැවත ඇතිවීම වළක්වාලීමේ අරමුණින්, වනඅලි ඝාතනයකදී උසාවියකින්, වරදකරු වන අයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළහැකි වන පරිද, වනසත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනත සංශෝධනය කිරීම සඳහා තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී ඇත.
මීට අමතරව ශ්‍රී ලංකාවේ වන අලි ගහනය සහ වනජීවී සම්පත් සංරක්ෂණය තහවුරු කිරීම සඳහා වනජීවී නිලධාරීන්, පොලිස් නිලධාරීන් හා ආරක්ෂක හමුදා විසින් ඒකාබද්ධ මෙහෙයුම් සිදු කිරීමට රජයේ අවධානය යොමුව ඇත.
දළ ඇතුන්ද ඇතුළත්ව මෙරට අලි ගහනය සහ අනෙකුත් වනජීවීන් ස්වාභාවික වනාන්තර තුළදීම ආරක්ෂා කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ ආරක්ෂක හමුදාවල නිලධාරීන්ගෙන් සමන්විත ඒකාබද්ධ කාර්යසාධක බළකායක් ඇතිකිරීමට නියමිතය. ඉන් අනතුරුව ක්ෂේත්‍ර මුර සංචාර සිදු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටත්, අවශ්‍ය අවස්ථාවලදී වන සංරක්ෂණ දෙපාර්තමේතුවේ සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සහායද ඒ සඳහා ලබාගැනීමටත් නියමිතයි.
 සටහන- අහිංසා ශ්‍රී ලංකා


Share on Google Plus

About Idea Spot

    Blogger Comment
    Facebook Comment

0 comments: