"අපි කව්රුද" දන්න අපි කව්රුත් නොදන්න "සේනක බටගොඩ":-

"අපි කව්රුද" දන්න
අපි කව්රුත් නොදන්න "සේනක බටගොඩ":-

වායෝ සංගීත කණ්ඩායම ගායනා කරන "අපි කව්රුද "ගීතය අපේ රටේ බාල මහළු කා අතරත් එක ලෙස ජනප්‍රියත්වයට පත් වූ අදටත් බොහෝ දෙනෙක් ප්‍රිය සුන්දර කරන ගීතයක්..කෙසේ වෙතත් මෙම ගීතයේ මුල් අයිතිකරුවා පිළිබදව අදටත් බොහෝ දෙනෙකු හරි හැටි දන්නේ නැහැ.විශේෂයෙන් රූපවාහිනි සහ ගුවන් විදුලි මාධ්‍ය තුල ඔහුගේ ගීත ප්‍රචාරය නොවීම ඊට හේතු විය හැක.ඉතින් එතරම් ප්‍රසිද්ධ නැති නමුත් අපේ රටේ සංගීත ක්ෂේත්‍රයට පහල වූ අග්‍රගන්‍ය මාණික්‍යයක් බදු වූ ඔහු නමින් සේනක බටගොඩය්..."Pace" නමින් ඔහුගේම සංගීත කණ්ඩායමක් ගොඩ න⁣ගාගෙන සිටින සේනක බටගොඩයන්ගේ සංගීත ශෛලිය Classic Rock ආරට අයත් වේ.ක්ලැරන්ස් විජේවර්ධනයන්ගෙන් පසුව "සිංහල classic rock" ශෛලිය තුල බිහි වූ දක්ෂතම කලාකරුවා සේනක බටගොඩ බවට හැගී යන්නේ ඔහු ගායනයට මෙන්ම පද රචනයට සහ තනු නිර්මාණයටද එක ලෙසින් දස්කම් පෑම නිසාමය්.ඔහුගේ හඩ පරාසය සහ ගායන විලාශය "Elton John" සහ "Bob Seger " යන ජාත්‍යන්තර මට්ටමේ කලාකරුවන් හා සම මට්ටමක පැවතීම සැබැවින්ම විශ්මය ජනකය.ඔහුගේ ගීත බොහොමයක් දැකගත හැකි වන්නේ අන්තර්ජාල මාධ්‍ය⁣ තුල පමණි..කොටින්ම ඔහුගේ බොහොමයක් ගීත වලට රූප රචනා පවා නොමැත.වායෝ සංගීත කණ්ඩායම "අපි කව්රුද ගීතය 2012 දි නිකුත් කලද සේනකයන් එය පටිගත කල ගීතයක් ලෙස මුල්වරට අන්තර්ජාලයට නිකුත් කරන්නේ 2015 දීය.ඔහුගේ දක්ෂතාවයේ තරමට ඔහු ප්‍රසිද්ධ නොවීමට එයද හේතුවක් විය හැක .නමුත් ඔහු විසින් නිර්මාණය කරන ලද ගීත වල අර්ථ රසය සහ ශබ්ද රසය වචන වලින් කියා නිමකල නොහැකි තරමටම සුන්දරය.ඒ හේතුව නිසාම ඔහුගේ බොහෝමයක් නිර්මාණ අමු අමුවේම අනුකරණය කිරීමට අපේ රටේ සමහර ශිල්පීන් උත්සාහ දරය්.ඒ කරුණ නිසාම බටගොඩයන් විසින් නිර්මාණය කරන ලද සමහර ගීත වල සැබෑ උරුම කරුවා ඔහු බවට බොහෝ දෙනෙකු නොදැන සිටීම කණගාටුවට කරුණකි.....සේනක බටගොඩයන්ගේ සුමිහිරි ගීත කිහිපයක් සදහා Links පහලින් එක් කොට ඇත.Youtube අඩවිය තුල ඔහුගේ ගීත ඔබට
පහසුවෙන්ම සොයා ගත හැක.වෙනස්ම ආරක ශෛලිකයකින් සිය නිර්මාණයන් ඉදිරිපත් කරන මෙවැනි කලාකරුවන්⁣ට නිසි ඇගයීමක් නොලැබීම අභාග්‍යයකි 😑😑😑

අපි කව්රුද -https://youtu.be/BK2ZpZFOB18

අනන්තයට යනවාමය් -https://youtu.be/kitjCEM0o_k

සැනසෙන්නම් මා -https://youtu.be/lwqQZYJZ9eo

සටහන- Kaushalya Jayasena




Share on Google Plus

About Idea Spot

    Blogger Comment
    Facebook Comment

0 comments: