යොශිමුරා සයිලන්සරයේ අයිතිකාරයාගේ කතාව

අද මේ කතා කරන යන්නේ අපි කවුරුත් දන්න යොශිමුරා සයිලන්සරයේ අයිතිකාරයාගේ කතාව.Hideo "Pops" Yoshimura තමයි මේකේ නිර්මාතෘ. 1922 ඔක්තෝම්බර් 7වන දින උපත ලද යොශිමුරා වෘතියෙන් දක්ශ යතුරුපැදි tune කරන්නෙක්, රේස් ධාවන කණ්ඩායමක හිමිකරුවෙක් වගේම යතුරුපැදි අමතර කොටස් නිශ්පාදකයෙක්. මුලින් AMA රේසින් කණ්ඩායම සමඟ කටයුතු කළ ඔහු ඉන්පසු සුසුකි රේසින් කණ්ඩායම හා එක්විය.
දෙවන ලෝක යුධ සමයේ ජපන් ගුවන් හමුදාවේ ගුවන්යානා කාර්මික ශිල්පියෙක් ලෙස සේවය කල ඔහු යුද්ධයෙන් පසු 1954දී ජපානයේ ඇමෙරිකානුවෙකුට අයත් යතුරුපැදි සේවා ස්ථානයක වැඩ කළේය. 1971දී බිරිඳ හා දරුවන්ද එකව ඔහුගේම කියා යතුරුපැදි සේවා ස්ථානයක් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී ආරම්භ කළහ. 1976දී සුප්‍රකට කවසාකි සමාගමේ Z1 යතුරුපැදි නිශ්පාදනය සඳහා උරදුන් ඔහු 1978දී සුසුකි සමාගම හා එක්විය. දිගින් දිගට ඔහුගේ රේස් කණ්ඩායම අතිසාර්ථක වීමත් සමඟ පළමු සුසුකි කර්මාන්ත ශාලාවක් ඇමෙරිකාවේ ස්ථාපනය කිරීමට ඔවුන්ට හැකිවිය. එහිදී ඔහුගේ අමතර කොටස් කර්මාන්ත ශාලාව ලොව විශාලම යුතුරුපැදි සයිලන්සර නිශ්පාදන සමාගම ලෙස සාර්ථකත්වයට පැමිණීමට හැකිවිය.
1995දී යොශිමුරා අවාසනාවන්ත ලෙස පිළිකාවක් හැදීමෙන් මිය ගියේය.ඉන්පසු යතුරුපැදි ක්ෂේත්‍රය වෙනුවෙන් ඔහු කළ සේවය උදෙසා ඔහුගේ නම AMA Motorcycle Hall of Fame සඳහාද ඇතුලත් කළහ, අද වනවිට ඔහුගේ පුතා විසින් ව්‍යාපාරය කරගෙන යන අතර 2014දී 60වන සංවත්සරයද සැමරීය.එහිදී ඔහුගේ නමින් යතුරුපැදියක්ද නම් කරනු ලැබීය.
යොශිමුරා සයිලන්සර් ගහගෙන අපි අද පදින්නේ ඔහුගේ මහන්සියේ කැපවීමේ ප්‍රථිඵලයක් නිසයි.



Share on Google Plus

About Idea Spot

    Blogger Comment
    Facebook Comment

0 comments: