ලෝකයේ ලොකුම කෝටිපතියාගේ ජීවිත කතාව.....




* පටන් ගත්තේ ගරාජයේ පොත් විකුණලා
වසර ගණනාවක්‌ පුරා මයික්‍රොසොෆ්ට්‌ ආයතනයේ බිල් ගේට්‌ස්‌ හිමි කරගෙන සිටි ලොව ලොකුම ධනවතාගේ කිරුළ දැන් පළඳින්නේ අමේසන් ආතනයේ හිමිකරු වන ජෙෆ් බේසොස්‌ විසිනි.
මේ පෙරළිය සිදු වූයේ කොටස්‌ වෙළෙඳ පොළේ අමේසන් ආයතනය නොසිතූ විරූ කොටස්‌ මිල ඉහළ යැමත් සමඟ, ජෙෆ් බේසොස්‌ගේ වත්කම ඩොලර් බිලියන් 105 ක්‌ දක්‌වා වර්ධනය වීමෙනි. දෙවැනි ස්‌ථානයේ සිටින බිල් ගේට්‌ස්‌ගේ වත්කම ඩොලර් බිලියන 93.3 කි.
මෙවර කෝටිපති ලැයිස්‌තුව තාක්‌ෂණික දැවැන්තයන් අතික්‍රමනය කිරීමද විශේෂ සිදුවීමකි. මුල් ධනවතුන් දහදෙනා අතර ස්‌ථාන හයක්‌ම හිමි වන්නේ ඔවුන්ටය. ගේට්‌ස්‌ සහ ජෙෆ්ට අමතරව, ගූගල් ආයතනයේ ප්‍රධානි ලැරි පේඡ්, ෙෆ්ස්‌බුක්‌ ප්‍රධානි මාක්‌ සකර්බර්ග්, ඔරකල් ආයතනයේ ලැරී එලිසන්ද ඒ අතර සිටී.
53 වෙනි වියේ පසුවන ජෙෆ් බේසොස්‌ වසර 23 කට පෙර තමන්ගේ ගරාජයේ සිට පොත් විකුණමින් ආරම්භ කළ ආයතනය අද ලොව විශාලම විද්යුත් වාණිජ සමාගමයි. ඒ හා සම්බන්ධ අති විශාල ව්‍යාපාර සමග ඔහු විසින් ක්‍රමයෙන් තම වෙළඳ අධිකාරිය සුවිසල් වාණිජ පවුරක්‌ බවට පත් කරගෙන තිබේ. ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයක්‌ වන වොෂින්ටන් පෝස්‌ට්‌ හි හිමිකරුවාද ඔහුය. මෙලෙසින් අද ධනේශ්වර ලොව ඉහලටම නැග්ගත්, ඔහු පැමිණි මඟ නම් කිසි ලෙසකින්වත් රෝස මල් යහනාවක්‌ නොවීය.
ජෙෆ් උපත ලබද්දිත් ඔහුගේ මව 16 වියෑති පාසල් සිසුවියකි. ඇයගේ නම ජැකලින් ගයිස්‌. එම පාසලේම ඇයට වඩා වැඩිමල් සිසුවෙක්‌ වූ ටෙඩ් ජෝගන්සන් ජෙෆ්ගේ පියාය. මේ තරුණ යුවල මෙක්‌සිකෝව වෙත සංක්‍රමනය වන්නේ අලුත් කැදැල්ලක්‌ සාදා ගන්නටයි. ටෙඩ් කළේ සුලු රැකියාවකි. මේ ආර්ථික ගැටලු මැද්දේ ඔහු කෙටි කලකින්ම බීමතට ඇබ්බැහි වීමත් සමග ඔවුන්ගේ විවාහ ජීවිතය දෙදරා යන්නට පටන් ගැනුනි. එහි ප්‍රතිපලය වූයේ ජෙෆ්ට මාස 17ක්‌ යන්නත් මත්තෙන් ඔහුගේ දෙමාපියන් දික්‌කසාද වීමය. ගයිස්‌ 1968 දී කියුබානු ජාතිකයෙක්‌ වන මිගයිල් බේසොස්‌ හා විවාහ වූවාය. ජෙෆ්ගේ වයස මේ වන විට වයස හතරකි. පවුලේ ආර්ථික ප්‍රශ්න නිසා ජෙෆ්ටත් කුඩා කල සිටම මුදල් ඉපැයීම සහ මුදල් ඉතිරි කිරීම යන කාර්ය පැවරී තිබිනි.
ජෙෆ්ගේ ජීවිත කතාව ලියු බැර්ඩ් ස්‌ටෝන්ට අනුව, ජෙෆ්ගේ මේ පීඩාකාරී ළමා විය ඔහුගේ පසු කාලීන සාර්ථකත්වයට අවශ්‍ය මූලික අඩිතාලම දමන්නට ඉවහල් වූවා යෑයි අනුමාන කරන්න හැකිය.
අතිශය බුද්ධිමත් සහ තියුනු ඉවක්‌ ඇති ජෙෆ්, දැන් අභ්‍යවකාශ තරණයට ක්‍රියාකාරීව සම්බන්ධව වීමට පටන් ගෙන තිබේ.
අභ්‍යවකාශය කුඩා කල සිටම තමන්ගේ සිහිනයක්‌ බව පවසන ජෙෆ් ඉදිරියේදි තමන් ආරම්භ කළ බ්ලූ ඔරිජින් ආයතනය හරහා අභ්‍යවකාශය වැඩි දෙනෙකුට දැරිය හැකි මිලකට සංචාරය කළ හැකි කලාපයක්‌ කරන්නේ කෙසේදැයි ශක්‍යතා අධ්‍යයනයක යෙදෙන බව පවසයි.
බොහෝ දෙනෙකුට සිහිනයක්‌ වන එය නුදුරේම මල්පල ගන්වන්නට හැකි වනු ඇතැයි අපට සිතිය හැක්‌කේ එයට අත ගසා සිටින්නේ ලොව එතෙක්‌ මෙතෙක්‌ පහල වූ ධනවත්ම මිනිසා නිසාය.
උපුටා ගැනීමකි........
චම්පික යටගම
Share on Google Plus

About Idea Spot

    Blogger Comment
    Facebook Comment

0 comments: