ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ සමුර්‍ද්‍රය විද්‍යා පීඨ සිසුන් හට සිදු වූ පහර දීම සම්බන්ධව


ඊයේ දින සමුද්‍රීය පීඨ ශිෂ්‍ය නේවාසිකාගාරය තුලට බලහත්කාරයෙන් ඇතුළු වී අධ්‍යයන කටයුතු වල නිරත වෙමින් සිටි සිසුන් හට අමානුෂික අන්ධමෙන් පහර දුන් පල්ලික්කුඩාව ගයාන් නමැත්තා ප්‍රමුඛ බේබදු මැර කල්ලිය සොයා මේ වන විටත් පොලිස් පරීක්ෂණ ඇරඹී ඇත.එහෙත් මෙම කාඩ්බෝඩ් වීරයා ඇතුළු ඔහුගේ සහචරයින් පිරිසේ සියලු දෙනා නිවෙස් හැර දමා පලා ගොස් සැගවී සිටින බව තංගල්ල පොලිස් ස්ථානාධිපතිතුමා පැවසීය.නමුත් තතු දත් අය පවසන පරිදි එම සූකරයින් රැල මේ වන විට ප්‍රදේශයේ ප්‍රබල එක්සත් ජාතික පක්ෂ දේශපාලකයෙකුගේ නිවසේ රැදී සිටී........ඊයේ සිදුවූ මෙම පහර දීම පිටුපස සැගව ඇති යථාර්තය එතරම් සරල සිද්ධියක් නොවන බව කිවයුතුමය.විශේෂයෙන් තංගල්ල නගරයේ පිහිටි පල්ලික්කුඩාව ප්‍රදේශය සංචාරක කලාපයක් මෙන්ම මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන්ද ඉහල ප්‍රසිද්ධියක් උසුලයි..පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිරන්තර වැටලීම් වලට ලක්වන මෙ⁣ම ප්‍රදේශය පිළිබද තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් ඕනෑම අයෙකුට තංගල්ල පොලීසියෙන් ඒ පිළිබද විමසීමක් කල හැක.(2014 වර්ශයේදී දකුණේ ප්‍රබල මැරකල්ලි නායකයෙකු ඝාතනය වූවේද මෙම ප්‍රදේශයේදීමය.) පාසල් යන ලමුන්ට පවා මත්ද්‍රව්‍ය අලෙවි කරමින් අනාගත පරම්පරාවක් විනාශ මුඛයට ඇදයමින් සිටින මෙම මත්ද්‍රව්‍ය බෙදා හරින්නන් මුලිනුපුටා දැමීම උදෙසා මෑතක සිට පොලිස් වැටලීම්ද ඉහල දමා තිබිණි..විශේෂයෙන් මෙම ගම්මානයේ ජීවත් වන අහිංසක ප්‍රදේශවාසීන් බිය ගන්වා මැරවැර කම් තුලින් ඔවුන් නිහඩ කරවා තිබීම නිසා මෙම මත්කුඩු අලෙවි කරුවන්ට විරුද්ධ වීමට කිසිවෙකුටත් ඉඩක් තිබුණේම නැත.එහෙත් මෑතක සිට පොලිස් වැටලීම් ඉහල යාම නිසාවෙන් මෙම මත්කුඩු අලෙවි කරන්නන් සැක පහල කලේ සමුද්‍රීය විද්‍යා පීඨ සිසුන් විසින් ඔවුන්⁣ට විරුද්ධව පොලීසියට ඔත්තු ලබා දෙන බවටයි(ප්‍රධාන ශිෂ්‍ය නේවාසිකාගාරය ⁣පල්ලික්කුඩාවේ පිහිටා ඇති බැවින්).මීට පෙර අවස්ථා කීපයකදීම සිසුන් හට ඔවුන්ගේ තර්ජන ගර්ජන වලට මුහුණ පෑමට සිදු වීම මෙයට හොදම උදාහරණයකි.. ඊයේ දින සිසුන්ට පහර දුන් ගයාන් නමැත්තා මීට පෙරද කිහිප අවස්ථාවකදි සිසුන්ට පහර දීමට උත්සාහ දරා ඇත. විදිමත් අධ්‍යාපනයක් නොලත් මෙවැනි නූගත් බේබද්දන් සමාජයේ ඉහල පෙලේ බුද්ධිමතුන් හා උගතුන් පිළිබද නිරන්තර වෛරයකින් පෙලෙන බවද අමුතුවෙන් කිවයුතු නොවේ.ඔවුන්ගේ පහර දීම නිසාවෙන් තංගල්ල සමුද්‍රීය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති වරයා බරපතල තුවාල ලබා තවමත් රෝහල් ප්‍රතිකාර ලබමින් සිටී.එමෙන්ම තවත් තෙවන වසර හා දෙවන වසර උපාධි අපේක්ෂකයින් කිහිප දෙනෙකුද තුවාල ලබා රෝහල් ප්‍රතිකාර ලබාගෙන ඇත.ඉතාමත් අමානුෂික අන්ධමින් පොලු මුගුරු පවා යොදාගෙන සිදුකල මෙම ප්‍රහාරය පිටුපස ඇත්තේ මත්ද්‍රව්‍ය හා දේශපාලනයේ අනිසි විපාක බව සදහන් කල යුතුමය..විශේෂයෙන් දකුණු ලක තුල පිහිටි ප්‍රධානම රාජ්‍ය විශ්වවිද්‍යාල දෙකෙන් එකක් වන සාගර විශ්විද්‍යාලයේ සිසුන්ට සිදුකල මෙම පහර දීමට වි⁣රුද්ධත්වය ප්‍රකාශ කරමින් දක්‍ෂින ලංකා සංඝ නායක උබය විහාරාධිපති වජිරගිරියේ ධම්මවංශ ස්වාමීන්වහන්සේ ඇතුළුව තංගල්ලේ සියලුම කතෝලික නිකායන්වල පූජක උතුමාණන්ලාද සිසුන් හමු වී ඇත....මෙම අමන රැල අත්අඩංගුවට ගන්නා තෙක් අප සියලු දෙනාහ ඉතා ඕනෑකමින් බලා සිටින බවද කිව යුතුමය.
Share on Google Plus

About Idea Spot

    Blogger Comment
    Facebook Comment

0 comments: