දෙනෝ දහක් අත ගත්තද සැමියෙකු නැති ළඳුනේ



ළඳුනේ... ළඳුනේ... ඔබේ දෑස දැකගත්තෙමි සැඳෑ කලෙක ළඳුනේ දෙනෝ දහක් අත ගත්තද සැමියෙකු නැති ළඳුනේ මෙම ගීතය අසා නැති කෙනෙක් සොයාගන්නට නැති තරම්...නමුත් එහි රචකයා පිළිබද ඔබ අසා තිබේද??? හේ නමින් රං බංඩා සෙනෙවිරත්නයන්ය.ඔහු වෘත්තියෙන් නීතීඥයෙකි.නමුත් ඔහුගේ කෘතහස්ත භාශා ශෛලිය සහ උච්චාරන විලාශය නිසාම ඔහු කලක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රකටම නිවේදකයෙකු බවට පත් විය.විශේෂයෙන් සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙකම මනා ලෙස හැසිරවිය හැකි වීම නිසාවෙන් 80 දශකයේ අග බාගය වන විට මොහු ගුවන් විදුලියටත් රූපවාහිනියටත් නැතුවම බැරි චරිතයකි..ඔහුගේ නිවේදන කලාව තුල නිරන්තරයෙන් ගැමි වහර සහ ග්‍රාමීය වදන් බාවිතා කිරීම නිසාවෙන් එකල අෑත පිටිසර ගැමියන් පවා ගුවන් විදුලියට පෙම් බදින්නට ගත්හ. ........කෙසේ නමුත් ස්වභාවයෙන්ම විප්ලවකාරි චරිතයක් වූ රං බංඩා මහතා නිතරම පාලක පැලැන්තියේ වැරදි සිය වැඩසටහන් තුලදී නොබියව විවේචනය කලේය.එවකට ජනාධිපති දූරය දැරූ චන්ද්‍රිකා බන්ඩාරනායක මැතිනිය පත් කල කොමිසමක් බූරුවෙකුට සමාන කිරීම නිසාවෙන් 90 දශකයේ අග බාගයේදී ඔහුව ගුවන් විදුලි සංස්ථාවේ සියලුම වැඩසටහන් වලින් ඉවත් කරන ලදී...නීතිවේදියෙකු සහ දක්ශ නිවේදකයෙකු වූ එ් මහතා ප්‍රතිභාපූර්න කවියෙකු බව බොහෝ දෙනෙකු නොදන්නා කරුනකි. ගුණදාස කපුගේ මහතා ගායනා කරන 'දවසක් පැල නැති හේනේ' , 'උල ලේනෝ' සහ ' සුමනෝ' ගීතයන් මෙන්ම අමරසිරි පීරිස් මහතා ගායනා කරන ලදුනේ ගීතය ඔහුගේ සුප්‍රකට නිර්මානයන් වේ...එමෙන්ම New political concept for Sri lanka යනුවෙන් අගනා ග්‍රන්ථයක්ද රචනා කර අැත. සිය නිර්මාණ තුලින් නිරන්තරයෙන්ම ගැමි ජනතාව මුහුණ පානා සමාජ අසාධාරනයන් ලොවට එලි කිරීමට එතුමා උත්සාහ දැරීය.ඔහු ඉපිද හැදී වැඩුනු මිහින්තලය ප්‍රදේශයේ ගැමියන් මුහුණ දුන් ගැටලු කුඩා කාලයේ පටන් අවබෝධ වී තිබීම එයට හේතු විය හැක..කොය්තරම් උගතෙකු වූවද එතුමා සරල ගැමිකමට අාදරය කලේය.'බය්යා' යන වචනය කරලියට ගෙන අාවේද එතුමාය.තමන් ගමේ බය්යෙකු බැව් එතුමා ප්‍රසිද්දියේ පැවසූයේ ඉමහත් අභිමානයෙනි...එතුලින් අව්‍යාජ අහිංසක ගැමියාට වටිනාකමක් ලබා දීමට එතුමා උත්සාහ දැරීය .ජනහිතකාමී මාධ්‍යවේදියෙකු මෙන්ම ප්‍රතිභාපූර්ණ ⁣ගේය පද රචකයෙනු වූ එතුමා 2002 වර්ශයේදි අප අතරින් සදහටම වෙන් විය.

By Kaushalya Jayasena




Share on Google Plus

About Idea Spot

    Blogger Comment
    Facebook Comment

0 comments: