සොභාදහමේ අපුරුම නිර්මාණයක් වන ‘කැස්බෑවා’ ගැන දැන ගනිමු


කැස්බෑවා යනු වසර මිලියන 150ක දිගු ඉතිහාසයකට හිමි කම් කියන සමුද්‍ර ජීවියෙකි .දැනට ජීවත් වන වයස් ගතම පෘෂ්ට වංශිකයාය්.දිගු ඉතිහාසයකට හිමි කම් කිවුවද මෙම උරග විශේෂය පරිණාම ඉතිහාසය තුල වෙනස් කම් වලට ලක්ව ඇත්තේ ඉතාමත් සුළු වශයෙන් වීම සුවිශේෂී කරුණකි .කොටින්ම මොවුන් ඩය්නසොර් යුගයටත් පෙර සිටම මෙම පෘතුවි තලය මත ජීවත් සිට ඇත .එමෙන්ම දැනට ජීවත්වන වන උරග විශේෂ අතරින් බරෙන් වැඩිම ජීවියාද කැස්බෑවාය් .එපමණක් නොව මානව ශිෂ්ටාචාරයේ අතීතයේ පටන්ම කැස්බෑවට ඉතාමත් ඉහල ස්ථානයක් වෙන්ව පවතී.බොහොමයක් රටවල කැස්බෑවා යනු ශක්තියේත් නුවණැතිබවේත් සංකේතයක් ලෙස සලකයි.



ලෝකයේ කැස්බෑ විශේෂ 7ක් ජීවත් වේ.


බොහෝවිට වැඩුණු කැස්බෑ ගැහැණු සතාත් පිරිමි සතාත් ප්‍රමාණයෙන් සහ හැඩයෙන් එකම ආකාරයක් ගනී .Kemp Ridley Olive Ridley යනු ප්‍රමාණයෙන් කුඩාම කැස්බෑ විශේෂ දෙක වන අතර ඔවුන් ප්‍රමාණයෙන් 55cm-65cm අතර සහ බරෙන් 30kg-50kg අතර වේ .Leather Back යනු ප්‍රමාණයෙන් විශාලම කැස්බෑ විශේෂය වන අතර ඔවුන් 1.2m-1.9m අතර වර්ධනය වේ ,බර 200kg-500kg අතර වෙය් .එමෙන්ම කස්බෑවුන්ට ඉබ්බන්ට මෙන් තම හිස කටුව තුලට ඇතුල් කරගත නොහැක .

                                                 
කැස්බෑවුන්ගේ ජීවන රටාව තුල ඇති සුවිශේෂීම කරුණ නම් ඔවුන් බිත්තර දැමීමට පැමිණෙන්නේ ඔවුන් උපන් භූමියටම පමණක් වීමය් .සාමන්යෙන් රාත්‍රී කාලයේදී ඔවුන් බිත්තර දැමීමට වෙරල තීරයට පැමිනෙය් .බිත්තර දැමීම සදහා ඔවුන් වැලක් හාරන අතර බොහෝවිට තවත් බොරුවළවල් කීපයක්ම හාරනු ලබන්නේ බිත්තර වල ආරක්ෂාව පිණිසය.වරකට බිත්තර 100-150ත් අතර ලෑම සිදු කරන අතර වසර 2කට හෝ 4කට සැරයක් ඔවුන්ගේ ප්‍රජනන අවධිය ආරම්බ වෙය් .බිත්තර දමන සමයේ හැරෙන්නට සිය ජීවිත කාලයේ ඉතිරි අවධි සියල්ලම ගත කරන්නේ සාගරය තුලය් .එමෙන්ම ඔවුන් සිය ගමන් මාර්ගය සොයාගැනීමට පෘතුවි චුම්බක ක්ෂේශ්ත්‍රය භාවිතා කරන බවට විද්‍යාත්මක සාධක වලින් තහවුරු වී ඇත .

කැස්බෑවන් සම්බන්ධයෙන් ගත් කල ශ්‍රී ලංකාවටද සුවිශේෂී ස්ථානයක් හිමි වන බව බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි .එනම් ලෝකයේ කැස්බෑ විශේෂ 7න් 5ක්ම බිත්තර දැමීම සදහා ශ්‍රීලංකා වෙරල තීරයට පැමිනෙය්.

විශේෂයෙන් ශ්‍රීලංකාවේ 1585km පමණ වන වෙරල තීරයත් කඩොලාන සහ කලපු ආශ්‍රිත පරිසර පද්ධතියත් සහ කොරල් පර පිහිටීමත් නිසා කැස්බෑවුන්ට හිතකර පරිසරයක් ගොඩ නැගී ඇත .කැස්බෑ වුන් බහුලවම පැමිණෙන වෙරල තීරයන් වන්නේ මන්නාරම ,මඩකලපුව සහ දකුණුදිග වෙරළ තීරයය් .

කෙසේ නමුත් අද වන විට මෙම අපුරු සත්වයා වදවී යාමේ උග්‍ර තර්ජනයකයට මුහුණ දී සිටී IUCN රතු දත්ත පොතට අනුව කැස්බෑ විශේෂ 7න් අඩකටත් වඩා උග්‍ර ලෙස වදවී යාමේ තර්ජනයට මුහුණ දී ඇත .මේ සදහා මුලිකම හේතුව මිනිස් ක්‍රියාකාරකම්ය .ධීවර කටයුතු ,වෙරළබඩ ඉදිකීරීම් මෙන්ම ගෝලීය උෂ්ණත්වය ඉහල යාම මේ අතර මුලික වේ .

කැස්බෑ සංරක්ෂණය උදෙසා මේ වන විට අපේ රට තුලද රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන මගින් විවිධ වැඩ පිළිවෙලවල් දියත් කොට ඇත .කැස්බෑ සංරක්ෂණයට වෙනුවෙන් විවිධ නීති රීති සකස් කිරීම සහ රාජ්‍ය සහ පුද්ගලික මට්ටමෙන් අභිජනන මධ්‍යස්ථාන ඇති කිරීම ඒ අතර මුලික වෙය් .කෙසේ වුවත් තවමත් ශ්‍රීලංකාවේ සමහර ප්‍රදේශවල කැස්බෑ මස් සහ බිත්තර ආහාරයට ගන්නා බව නිරන්තරයෙන් වාර්තා වෙය් .ඉතාමත් ඉහල ජෛව විද්‍යාත්මක වටිනාකමක් ඇති මෙම සත්වයා රැක ගැනීම අප සියලු දෙනාගේම වගකීමකි.

By Kaushalya Jayasena


Share on Google Plus

About Idea Spot

    Blogger Comment
    Facebook Comment

0 comments: